පුවත්

“නවාස් වාර්තාව” ජනපතිට බාරදෙයි

Published

on

පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශනය කිරීම සඳහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශයන්හි සාරාංශයක් එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් අද (06) කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇත.

පශ්චාත් අර්බුද ගැටලු විසඳීම සඳහා ජනතාව සහ වින්දිතයන් කේන්ද්‍ර කරගත් උපාය මාර්ගයක අවශ්‍යතාවය සහ ඉදිරි ගමන පිළිබඳව නිර්දේශ 27ක් පමණ මෙම සාරාංශයට ඇතුළත්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන පිළිබඳ කාර්යාලයේ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් මෙම නිර්දේශවල සාරාංශය අවසන් වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතය.

ආයතනික ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම් ශුන්‍ය කිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශ කිරීම මගින් පුනරාවර්තනය නොවන බවට සහතිකය ලබා ගත යුතු බව කොමිසමේ නිර්දේශයන්හි සඳහන් කර ඇතැයි ද පැවසේ.

Trending

Exit mobile version