ලබන සඳුදා (ජනවාරි 01දා) සිට ඉන්ධන සහ ගෑස් මත වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසීය.
අද (28) කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඇය පැවසුවේ
18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඉන්ධන සඳහා වූ 7.5% ක හා ගෑස් සඳහා වූ 2.5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බවයි.
ඉන්ධන සහ ගෑස්වලට වැට් බද්ද පැනවීමෙන් පසුව මිල වැඩිවීමත් වුවත් එය 18% කින් ඉහළ නොයන බව පැවසූ ඇය, පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් වැනි දෑ වලට උපරිම මිලක් නියමන කිරීම හේතුවෙන් අදාල බදු අඩු වැඩිවීම් ගලපා මිල තීරණය කරනු ඇති බව ද කීවාය.