පුවත්

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

Published

on

2025 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වීමට නියමිතය..

ඒ, අද පෙරවරු 9.30ට කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව අදින් ආරම්භ කෙරෙන පාර්ලිමේන්තු කටයුතු ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා අද (07) පෙ.ව 10.30 දක්වා කාලය හිමිවනු ඇත.

අනතුරුව 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව විවාදයට ගැනීමට නියමිතය.

Trending

Exit mobile version