නුවරඑළිය – නානුඔය ප්රදේශයේදී අද (20) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් හත් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මේ අනතුර සිදුව ඇත්තේ විනෝද චාරිකාවක් සඳහා කොළඹ තර්ස්ටන් විදුහලේ පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනි.
අනතුරෙන් ත්රිරෝද රථයකට ද හානි සිදුව තිබේ.
කෙසේවුද, මෙසේ මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන්ගත් 6 දෙනෙකු හා ත්රී රෝද රථයේ සිටි අයෙකි.
පාසල් සිසුන් කිසිවකු ජීවිතක්ෂයට පත්ව නොමැත.
(ඡායාරූප : Accident 1st)