පුවත්

නාඳුනන මළසිරුරු දෙකක් හමුවෙයි

Published

on

නාඳුනන මළසිරුරු දෙකක් හමුවූ බව පොලීසිය පවසයි.

එක් මළසිරුරක් හමුවී ඇත්තේ කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබියදී හමුවී ඇති අතර අනෙක් පුද්ගල මළසිරුර හමුවී ඇත්තේ පල්ලෙකැලේ පොලිස් වසමට අයත් වික්ටෝරියා ජලාශයේ පාවෙමින් තිබියදීය.

පොලීසිය සඳහන් කළේ මහවැලි ගඟේ පාවෙමින් තිබුණු මියගිය පුද්ලයා තැඹිලි සහ කලු කොටු සහිත අත්කොට කමිසයකින් සහ කලු පැහැති දිග කලිසමකින් හැඳ සිටි ඔහු දුඹුරු පැහැති සපත්තු යුගළක් පැළැඳ සිටි බවයි.

එමෙන්ම ඔහු අවුරුදු 25ත් 30ත් අතර වයසේ පසුවන උස අඩි 4යි අඟල් 07 පමණ වන පිරිමි පුද්ගලයෙක් බවද බව පොලීසිය පැවසීය.

මේ වනවිට මළසිරුර දෙකම මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

Trending

Exit mobile version