Connect with us

පුවත්

නාමල් ගේ නීති උපාධිය සම්බන්ධයෙන් CIDය ට පැමිණිල්ලක්

Published

on

11 වසරකට පෙර නීති නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටියේ වංචනික ලෙස යැයි පවසමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු වායු සමීකරණය කරන ලද කාමරයක සිට නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව නීති විභාගය ලියා ඇති බවට සාක්ෂි ලබා දීමට ද තැනැත්තෙක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

රාජපක්ෂ මහතා විසින් වංචනිකව නීති උපාධිය ලබාගෙන ඇතිනම් වහාම එය අහෝසි කිරීමට කටයුතු කර ඊට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙවැනි පරික්ෂණයක ප්‍රථිපලය වන්නේ මේ සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු වීම බවට තමාට විශ්වාශ බවත්, මේ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පුවත්

මහින්දානන්ද – නලින් බලන්න අවස්ථාව මාසයකට එක්වරයි

Published

on

By

බරපතළ  වැඩ සහිත සිර දඬුවම් ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරුන් පවුලේ සාමාජිකයන්ට හෝ හිතවතුන්ට බැලීමට අවසර ලැබෙන්නේ මාසයකට සැරයක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සියලු අච්චු සිරකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන නීතිය එය බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය. සාමාන්‍යයෙන් එක වරකට  තිදෙනෙකුට එම අවස්ථාව ලැබෙන බවද  ඔහු සඳහන් කළේය.

හිටපු ඇමතිවරුන් දෙදෙනා එකම පොදු  ස්ථානයක රඳවා සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම දෙදෙනාට බන්ධනාගාරයේ  වැඩ පැවරීම බොහෝ දුරට අද (02)   කෙරෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

හමුදාවෙන් පලාගිය 3000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

Published

on

By

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය පෙබරවාරි මස 22වනදා සිට මැයි මාසයේ 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී ඔවුන් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළු අතර යුද හමුදාවේ 2,261ක්,  නාවික හමුදාවේ 194ක්, ගුවන් හමුදාවේ 198ක් සිටිති.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින් ද එළෙස පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අමාත්‍යංශය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Continue Reading

පුවත්

අදින් ආරම්භ වෙන “ජාතික බදු සතිය”

Published

on

By

ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved