පුවත්

නාමල් ගේ නීති උපාධිය සම්බන්ධයෙන් CIDය ට පැමිණිල්ලක්

Published

on

11 වසරකට පෙර නීති නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටියේ වංචනික ලෙස යැයි පවසමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු වායු සමීකරණය කරන ලද කාමරයක සිට නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව නීති විභාගය ලියා ඇති බවට සාක්ෂි ලබා දීමට ද තැනැත්තෙක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

රාජපක්ෂ මහතා විසින් වංචනිකව නීති උපාධිය ලබාගෙන ඇතිනම් වහාම එය අහෝසි කිරීමට කටයුතු කර ඊට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙවැනි පරික්ෂණයක ප්‍රථිපලය වන්නේ මේ සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු වීම බවට තමාට විශ්වාශ බවත්, මේ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version