Connect with us

පුවත්

නාමල් ගේ නීති උපාධිය සම්බන්ධයෙන් CIDය ට පැමිණිල්ලක්

Published

on

11 වසරකට පෙර නීති නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටියේ වංචනික ලෙස යැයි පවසමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා විසින් අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු වායු සමීකරණය කරන ලද කාමරයක සිට නීතිඥවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව නීති විභාගය ලියා ඇති බවට සාක්ෂි ලබා දීමට ද තැනැත්තෙක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

රාජපක්ෂ මහතා විසින් වංචනිකව නීති උපාධිය ලබාගෙන ඇතිනම් වහාම එය අහෝසි කිරීමට කටයුතු කර ඊට සම්බන්ධ වූ නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කල යුතු බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් X පණිවිඩයක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මෙවැනි පරික්ෂණයක ප්‍රථිපලය වන්නේ මේ සම්බන්ධයෙන් පවතින දුර්මත දුරු වීම බවට තමාට විශ්වාශ බවත්, මේ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ දෙවැනි රැස්වීම් දිනය ලෙස අද (21) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන්කර තිබෙන්නේ 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියෝගය සහ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ නිවේදනය විවාදයට ගැනීම වෙනුවෙනි.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading

පුවත්

ලංවිම පෞද්ගලීකරණය වගන්තිය ඉවත් කරයි

Published

on

By

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති මෙහිදී ඉවත් කර ඇත.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

Continue Reading

පුවත්

අධිවේගී මාර්ගවලදී කාඩ්පත් ගෙවීම් අද සිට ඇරඹේ

Published

on

By

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවය.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම්  අද සිට ක්‍රියාත්මක වන බව සඳහන්ය.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved