සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් කුමාර එළැඹෙන ජනවාරි 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්ති නාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන හඬපටය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
එම හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කතෝලික සභාව විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කරනු ලැබූ පැමිණිල්ලට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටී.
නාමල් කුමාර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී අද (01) දහවල් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.