දැදුරු ඔයේ මත්ස්‍ය සම්පත වනසන ආක්රමණික මත්ස්‍යයා දේශීය මත්ස්‍යයකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩයේම දරුණු ආක්‍රමණශීලී චන්න මිcරොපෙල්ටෙස් (ඝිඅන්ට් ස්නකෙහේඩ්) නම් මත්ස්‍ය ප්‍රභේදය බව නාරා ආයතනය මඟින් තහවුරු කර තිබේ.
අග්නිදිග ආසියාව නිජබිම කරගත් මිරිදිය මත්ස්‍යයකු වන මේ මත්ස්‍යයා කි.ග්‍රෑ. 20ක් පමණ වර්ධනයක් දැකිය හැකි මාංස භක්ෂක පරිභෝජන රටාවක් අනුව ජීවත්ව තම වර්ගයා බෝ කරන්නකු වන බව එම ආයතනය පවසයි.
ජලාශයේ සිටින අනෙකුත් මත්ස්‍යයන්ට මෙම මත්ස්‍යයා නිසා දැඩි තර්ජනයක් ඇති වන බව ද නාරා ආයතනය තහවුරු කරගෙන තිබේ.
ධීවරයන් සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් සෑම ධීවර තොටුපොළකම ධීවරයන්ගේ දිනක මත්ස්‍ය අස්වැන්නට මෙම මත්ස්‍යයා මඟින් බලපෑම් එල්ල වන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ රමණි ශිරන්තා මෙණෙවිය පෙන්වා දෙන්නේ මෙම මත්ස්‍යයා නිසා මිරිදිය ධීවර කර්මාන්තයට එල්ලවන බලපෑම අවම කර ගැනීමට මත්ස්‍යයාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නාරා ආයතනය කරුණු අධ්‍යයනයක් සිදු කරන බවය.