Connect with us

පුවත්

නැගෙනහිර නගර 3ක හර්තාල්

Published

on

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර නැගෙනහිර පළාතේ මඩකළපුව, වාලච්චේන සහ ඔඩ්ඩමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කර තිබේ.

කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලට හා එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

මේ අතර “කල්කුඩා පීපල්ස්” යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඔඩ්ඩමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම් නතර කරන ලෙසත් එල්ටීටීඊ ඩයස්පෝරාවේ මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත් ‍ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේදී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින් සිංහල, දමිල, මුස්ලිම්, ජනතාවට එකසේ සලකන රටක් බවත් එම පත්‍රිකාවල දැක්වෙන බව පැවසේ.

(මූලාශ්‍රය හා ඡායාරූපය : ලංකාදීප)

පුවත්

දියේ ගිලීම් 2ක්

Published

on

By

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අවුරුදු 12 හා 17 වැනි වියේ පසුවූ මෙම දැරියන් දෙදෙනා එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද අද (13) දහවල් මෙම වැවේ දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර,  වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදන් වී තිබේ.

ඔවුන් නුවරඑළිය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

එක් අයෙකුගේ මළසිරුර හමුව ඇති බවත්, අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් පොලිසිය පවසයි.

Continue Reading

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

පුවත්

ජපන් වාහනවලට පවතින මෙරට අධික බදු ගැන තානාපතිගෙන් කනස්සල්ල

Published

on

By

ශ්‍රී ලංකාව ජපානයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා පනවා ඇති අධික බදු සම්බන්ධයෙන් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම පිළිබඳ අදහස් දැක්වූ අවස්ථාවේදී තානාපතිවරයා ඒ බව පවසා තිබුණි.

ඔහු පවසන්නේ, වෙනත් රටකින් ආනයනය කරන විද්‍යුත් වාහනවලට සාපේක්ෂව ජපානයෙන් ආනයනය කරන විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාව අධික බදු පනවා ඇති බවය.

එහිදී තානාපති අකියෝ ඉසොමාටා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජපානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ සලකා බලන්නේ නම්, ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා පනවා ඇති අධික බදු පිළිබඳව සාකච්ඡා කළ යුතු බවය.

නිදහසක් වෙළඳ ගිවිසුමක් අවශ්‍ය වන නිසාවෙන් හුදෙක් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ජපානය සූදානම් නැති බවත්, ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙළඳ ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔහු සඳහන් කලේය.

දෙරට අතර එවැනි ගිවිසුමක් ඇති කර ගන්නේ නම් දෙපාර්ශ්වයටම වාසිදායක විය යුතු බව තානාපති අකියෝ ඉසොමාටා පවසයි.

සංකේතාත්මකව අවශ්‍ය නිසා හෝ දේශපාලන හේතු මත පමණක් නිදහස් වෙළඳ ගිවිසුමක් සලකා බලන්නේ නැති බවද ඔහු පෙන්වාදෙයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජපානය මුහුණ දුන් අත්දැකීම් විස්තර කිරීමටද ඔහු එම අවස්ථාවේ කටයුතු කර තිබුණි.

ඇමෙරිකාව සමඟ මෙවැනි ගැටලු ජපානයට හුරුපුරුදු තත්වයක් බවත්, 1930 දශකයේදී පවා ජපානයට අපනයන සීමා සඳහා බල කෙරුණු බවත් ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved