කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර නැගෙනහිර පළාතේ මඩකළපුව, වාලච්චේන සහ ඔඩ්ඩමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කර තිබේ.
කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලට හා එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා මෙම විරෝධය සංවිධානය කර තිබුණි.
මේ අතර “කල්කුඩා පීපල්ස්” යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඔඩ්ඩමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම් නතර කරන ලෙසත් එල්ටීටීඊ ඩයස්පෝරාවේ මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේදී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින් සිංහල, දමිල, මුස්ලිම්, ජනතාවට එකසේ සලකන රටක් බවත් එම පත්‍රිකාවල දැක්වෙන බව පැවසේ.
(මූලාශ්‍රය හා ඡායාරූපය : ලංකාදීප)