පුවත්

නිරුවතින් යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Published

on

නිරුවතින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පොලිසිය අද (03) කඩුගන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සදහන් කළේ, මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබා ගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවය.

එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදිමකින් තොරව ගමන් කර ඇති බවයි වාර්තා වේ.

ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ද ලබා ගෙන ඇති බව සදහන්ය.

Trending

Exit mobile version