පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙටින් අවසන්

Published

on

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනි දා සිට 21 වැනි දා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ලබා ගත හැකි බව ඔහු පැවසුවේය.

Trending

Exit mobile version