Connect with us

පුවත්

නිවාස පිරිසිදු කරගැනීමට රුපියල් 10,000 ක්

Published

on

ගංවතුර බලපෑමට ලක්වූ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000ක මුදල ලබාගත හැකි ක්‍රමවේදය පිළිබඳ අද (07) ජනතාව දැනුවත් කෙරුණි.

එහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ඒ සඳහා ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය බවය.

“ගංවතුරෙන් හානි වූ නිවාස පිරිසිදු කරගැනීම සඳහා රජයෙන් රුපියල් 10,000 බැගින් ලබාදීමට කටයුතු කරනවා. එය ලබාගැනීමේදී ග්‍රාම නිලධාරී සහතිකය සහ ඊට අදාළ නිර්දේශ අවශ්‍ය වෙනවා.”

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් 01 වනදා සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113ක එනම් දිස්ත්‍රික්ක 13ක ජනතාව පීඩාවට පත්වී ඇති බවද ඔහු පැවසීය.

පුද්ගලයන් 239,000කට අධික පිරිසක් අවතැන්වී ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

පුවත්

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති දිවයිනට

Published

on

By

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමග 15 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යංශයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (02) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඔවුන් පිළිගැනීම සඳහා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

‍ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම දුත පිරිස ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අද කාලගුණය

Published

on

By

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (03) අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්ක යෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!

Published

on

By

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති සටනට රීසා සරූක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටී.

විපක්ෂයේ සියලු පක්ෂවල එකගතාව ඊට ලැබී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ.

ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකුට අයත් කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු හෝටලයක පහුගිය සතියේ පැවති සජබ – එජාප – ශ්‍රීලනිප හා පොහොට්ටු පක්ෂවල  නියෝජිතයින්ගේ විශේෂ රැස්වීමකදී එවැනි පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබිණ.  

එහිදී කොළඹ මහ නගර සභාවේ බලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගෙන තිබේ. ඒ අනුව නගරාධිපති ධුරය සමගි ජන බලවේගය වෙත ලබාදීමටත් නියෝජ්‍ය නගරාධිපති ධුරය එකසත් ජාතික පක්ෂය වෙත ලබාදීමටත් එකඟතාවයට පත්ව ඇත.

මේ අතර ජාතික ජන බලවේගය විසින් සිය නගරාධිපති ලෙස නම් කර ඇත්තේ රායි බ්‍රැල්තසාර් ය.

මූලාශ්‍රය – ද ලීඩර්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved