Connect with us

පුවත්

නීතිඥ සංගමයේ නිලවරණය නවත්වන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Published

on

එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි, නීතිඥ එම්ලියා ලිලන්ති ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (17) ප්‍රතික්ෂේප කළේ ය.

සභාපති ධුරයට තරග වදින නීතිඥ රජීව් අමරසූරිය, නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහත්වරුන්, නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, සභාපති ධුරයට නාම යෝජනා භාර දුන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා තරගයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය සඳහා තරග වැදීම සංගමයේ ව්‍යවස්ථාට විරෝධී බවයි.

නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම  අපේක්ෂකයෙකු මියයාමකට සමාන බවත් අපේක්ෂකයෙකු මිය ගිය පසුව යළිත් නාම යෝජනා කැඳවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වා දුන් නීතිඥවරයා යළි නාම යෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමට නියෝග කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ තිෂ්‍ය වේරගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක  යන මහත්වරුන් කරුණු දක්වමින් පැවසුවේ, නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම නීත්‍යානුකූල බවත් අනුර මැද්දගොඩ මහතා ස්ව කැමැත්තෙන් නිලවරණය සඳහා තරග වැදීමෙන් ඉවත් වී ඇති බවයි.

එම ඉවත්වී යාම මිය යෑමකට සමාන කළ නොහැකි බව ද නීතීඥවරු අවධාරණය කළේ ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, පැමිණිල්ලට බැලූ බැල්මට ජය ගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම අනුර මැද්දගොඩ මහතා තරගයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර ඔහුගේ සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවත් එවන් වටපිටාවක මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නවයක් මේ වනවිට ප්‍රමාද වී ඇති බවද, විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය.

නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනී නොයන බැවින් පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව විනිසුරුවරයා නියෝග කළේ ය.

මාර්තු 3 වැනිදා යළි නඩුව කැඳවීමට නියමිතයි.

ඉදිරිපත් කරන ලද සම්පූර්ණ පෙත්සම මෙසේය.

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved