නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව අද (18) සලකා බැලීමට නියමිත ය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වේ.
ජනාධිපතිවරයා එවැනි නිර්දේශයක් කළ ද තනතුරක සිටින තැනැත්තකුගේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමට ව්‍යවස්ථාදායක සභාවට කිසිදු බලයක් නොමැති බව නීතිවේදීහු පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන වගන්තියට අනුව ව්‍යවස්ථාදායක සභාවෙන් කළ හැකි වන්නේ තනතුරකට පත්වීමට අනුමැතිය ලබාදීම පමණක් බවත් ධුර කාලයක් දීර්ඝ කිරීම ව්‍යවස්ථාදායක සභාවේ විෂය පථයට අයිති නොවන්නක් බවත් ඔවුහු සඳහන් කරති.
සබැඳි පුවත්:
නීතිපතිගේ සේවා දිගුව ඡන්දයකට කල් යයි
නීතිපතිවරයාට සේවා දිගුවක් දීම ව්‍යවස්ථාවට පටහැනි වූවක් (වීඩියෝ)
නීතිපති තියා ගන්නේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ විසඳගන්න බව ජනපති කියලා
නීතිපති තවත් මාස 6ක් තියාගන්න ජනපතිට හිත ගිහින්?