ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයාගේ නිර්දේශ හෙලා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම නිවේදනයේ පෙන්වා දෙන්නේ ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් මතුකර තිබෙන බවයි.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකද ඔහුගේ රජයද මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී පියවර ගත යුතු බවය.
අදාළ නිවේදනය පහතින්,