වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ දීර්ඝ කාලයක් රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28දෙනෙකු එරටින් පිටුවහල් කර තිබේ.
අද (27) උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මෙසේ පැමිණි පිරිස අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ ගෘහ සේවකයින් 04 දෙනෙකු වන අතර ඉන් එක් ගෘහ සේවිකාවක් ගර්භණී තත්වයෙන්ද පසුවේ.
ඔවුන් අතර වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් ය.
ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර එම තානාපති කාර්යාල නිලධාරීන්, එරට පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර තිබුණි.
(මූලාශ්‍රය : අරුණ)