Connect with us

පුවත්

නීතීඥවරියක් අබිරහස් ලෙස ඝාතනය කෙරේ

Published

on

නිවසක තනිව විසූ අවිවාහක කාන්තාවක් නිවසේ ඇඳ මතම අබිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලීසිය පවසයි.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කළුබෝවිල පාර ද සිල්වා හරස් පාර පදිංචිව සිටි 64 හැවිරිදි නීතිඥවරියෙකි.

පොලිසීය පවසන්නේ ඇය  මෙම නිවසේ තනිව ගත කර ඇති බවත් ඇයගේ සොයුරා කැනඩාවේ ජීවත් වන අයෙක් බවත් ය.

ඇය ඔහු සමග නිරතුරුවම දුරකථනයෙන් සබඳතා පවත්වන අතර අවසන් වතාවට ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ වී ඇත්තේ ඉකුත් පෙබරවාරි 15 වනදා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කැනඩාවේ පදිංචි සහෝදරයාගේ මිතුරෙක් වන මිරිහාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ (29) දහවල් කොහුවල පොලීසිය වෙත පැමිණ කැනඩාවේ පදිංචි මිතුරාගේ සහෝදරිය ඔහුට පෙබරවාරි 15 වෙනි දිනයෙන් පසුව දුරකථනයෙන් සබඳතා නොපැවතීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව, කොහුවල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස වෙත ගොස් සොයා බැලීමේදී ඉදිරිපස ස්වංක්‍රීය ගේට්ටුවට යාබද ගේට්ටුව ඉබි යතුරු දමා වසා තබා තිබී ඇත.

ස්වයංක්‍රීය ගේට්ටුවේ කුඩා ගේට්ටුවෙන් වත්තට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවසේ ඉදිරිපස දොර වසා තිබී ඇති අතර නිවසේ පිටුපස දෙසට ගොස් බැලීමේදී මුළුතැන් ගෙයි දොර අඩක් විවෘත කර තිබෙනු දැක එයින් ඇතුළු වී පරීක්ෂා කිරීමේදී නිවස තුළ බඩුමුට්ටු ඇද දමා තිබෙන අයුරු දැක තිබූ බව වාර්තා වෙයි.

තවදුරටත් පරීක්ෂා කිරීමේ දී නිවසේ සාලයට යාබද කාමරයේ ඇඳ රෙදි පිළිවලින් යම් දෙයක් වසා දමා තිබී ඇත.

එය හොඳින් පරීක්ෂා කිරීමේදී පාදයක් සහ හිසකෙස් දක්නට ලැබීමෙන් අනතුරුව වැඩිදුරටත් සිදුකළ සොයා බැලීමේදී රෙදිවලින් වසා තිබූ නීතිඥවරියගේ නරක් වූ මළ සිරුර සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

නිවස තුළට ඇතුළු වූ යම් අයෙක් හෝ පිරිසක් නිවසේ විදුලිය විසන්ධි කර ඇයව ඇඳ මත ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර මතට රෙදිපිළි දමා වසා නිවසේ අල්මාරි කබඩ් අවුස්සා දේපොළ සොයා ඇති අතර ඒ අයුරින් මුළු නිවසේම බඩුමුට්ටු අවුස්සා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සිදුවී ඇති ඝාතනය කවදා සිදුවී ඇත්ද ඒ නිශ්චිත වශයෙන් කිව නොහැකි බව පොලීසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් රත්න ගමගේ මහත්මිය මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස පොලීසියට නියෝග කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved