පුවත්

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් අත්හිටුවයි

Published

on


නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සංවිධාන කර තිබු භෝජන සංග්‍රහයක් ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රැස්වීමකින් අනතුරුව මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ලබාදීමට කටයුතු සංවිධාන කර තිබුණි.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන මෙම අමාත්‍යවරයා නුවරඑළිය ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් භෝජන සංග්‍රහය ලබාදීමට සුදානම් කර තිබු බවයි මැතිවරණ නිලධාරීන් පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලකට අනුව නුවරඑළිය සහකාර මැතිවරණ කොමාසරිස්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ එම භෝජන සංග්‍රහය නොපවත්වන ලෙස සංවිධායකයින්ට උපදෙස් ලබාදී ඇත.

Trending

Exit mobile version