එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂ, පාර්ශව හා ස්වාධීන කණ්ඩායම් ගණනාවක් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම පක්ෂය නිවේදනයක් නික්ත් කරමින් කියා සිටී.
මෙම මැතිවරණයට තරග කිරීමට අදාළව සාකච්ඡා ගණනාවක් පසුගිය දින කිහිපය තුල පක්ෂ නිලාධාරීන් සහ සෙසු පක්ෂ ප්‍රධානීන් අතර පැවැති බවද එහි දැක්වේ.
එසේ සාකච්ඡා කල පක්ෂ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ද ඇති බවත්, ඉදිරියේදි ද තවත් පක්ෂ හා පාර්ශව කිහිපයක් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, පක්ෂ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු මෙම සාකච්ඡාවලට පක්ෂය නියෝජනය කරමින් සහභාගි වී ඇත.
සාකච්ඡා තවම අවසන්ව නොමැති බවත්, සියලු සාකච්ඡා අවසානයේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කරන බවද එහි වැඩිදුරටත් දැක්වේ.
අදාළ නිවේදනය පහත දැක්වේ.