මෙරට කම්කරු ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් පළමු වරට මැයි දින උලෙළ හඳුන්වා දුන් ඒ.ඊ. ගුණසිංහ මහතා ඊයේ (01) මැයි දිනයේදී සියලු පක්ෂවලට අමතකවී ඇතැයි වාර්තා වේ.
ඒ මහතාගේ 133 වැනි ජන්ම දින සැමරුමද ඊයේට (01) යෙදී තිබුණු අතර ගුණසිංහපුර මංසන්ධියේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීම ගුණසිංහ මහතාගේ මිනිබිරිය වන ජස්මින් කොච් මහත්මිය විසින් ඊයේ (01) තනියම සිදුකර තිබේ.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලැකෙන්නේද ගුණසිංහ මහතාය.
කොළඹ මහා නගර සභාව විසින් වාර්ෂිකව මැයි මස පළමුවැනිදා ඒ.ඊ. ගුණසිංහ පිළිරුවට මල්දමක් පලඳවා පුෂ්පෝපාහාර දැක්වීම සිදු කළද මෙවර එවැනි කිසිවක් සිදු කර නොමැත.
කොළඹ නගර සභාවට තේරීපත් වූ ගුණසිංහ මහතා ප්‍රථම සිංහල බෞද්ධ නගරාධිපතිවරයා වශයෙන් ද ඉතිහාසයට එක්වූ අයෙකි.