පුවත්

පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී දයාසිරි වැඩ භාරගනී

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන තිබේ.

පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මුලස්ථානය ඉදිරිපිට දී වැඩභාර ගෙන ඇති බවයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම් ධූරයේ වැඩ භාරගැනීම සඳහා ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයට අද උදෑසන පැමිණ තිබුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයා සිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් හා එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට එහි හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගෙන තිබූ තීරණය වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පෙරේදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.

එම, අධිකරණ නියෝගය නිකුත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටු වීමටද පියවර ගැනීම සිදුවිය.

ඒ, පක්ෂ ව්‍යවස්ථාව උල්ලඝනය කරමින් වෙනත් දේශපාලන සන්ධානයක නායකත්වය දරණ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට චෝදනා කරමිනි.

Trending

Exit mobile version