පුවත්

පගා ඉල්ලූ ප්‍රා.ලේ. අත්අඩංගුවට

Published

on

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් මගින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සූරියවැව වෙළෙඳපොළ පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුගේ මුදලක් මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂයක් ඉල්ලා ඇති අතර එය 50,000කට අඩු කර එය ලබා ගනිද්දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version