කොළඹ ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක වැටේ අද (11) අලුයම් කාලයේ දී මෝටර් රථයක් වැදී අනතුරට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු පමණක් රථයේ සිට ඇති අතර, ඔහුට තුවාල සිදුවී නොමැති බවයි කොළඹ කොටුව පොලිසිය පවසයි.
රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.
එම අනතුරින් ආරක්ෂක වැටට දැඩි හානි සිදුව ඇති බවට වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.