ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට තීරණය කර ඇති බවද පැවසේ.
ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අතුගෑමට, ආහාර පිසීමට මෙන්ම රියැදුරන් වශයෙන්ද යොදාගෙන ඇත්තේ හමුදා භට කණ්ඩායම් බව හෙළිව තිබේ.
ඇතැම් විහාරස්ථානවල විස්සකට වැඩි භට කණ්ඩායම් පවා සිටින බව අනාවරණය වී ඇත. වැඩිපුරම යොදවා ඇත්තේ යුද හා නාවික භට පිරිස්ය. හමුදා අනුග්‍රහය වැඩිපුර ලැබෙන, වැඩිපුර භට පිරිස් සිටින විහාරස්ථාන එය තමන් ඉහළ තත්ත්වයක සිටින බව පෙන්වීමට යොදාගෙන ඇති බවද හෙළිවී තිබේ.
දැනට යොදවා සිටින භට පිරිස් ගැන වාර්තා කැඳවා එම භට පිරිස් යළි කඳවුරු වෙත කැඳවීමට දැනට තීරණය කර ඇත.
මූලාශ්‍රය – අරුණ