පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව 2024 දෙසැම්බර් 15දා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
සබැඳි පුවත් :
පරාතේ බලතල තාවකාලිකව අත්හිටුවන්නැයි යෝජනාවක්