පුවත්

‘පරෙවි දූපත‘ තාවකාලිකව වැසේ

Published

on

ඊසාන මෝසම් වර්ෂාව සමඟ මුහුදේ වාරකන් සමය එලඹිම හේතුවෙන් ත්‍රිකුණාමලය නිලාවේලි ‘පරෙවි දූපත‘ ජාතික උද්‍යානය තාවකාලිකව වසාදැමු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස දූපත නැරඹීමට බෝට්ටු මඟින් යන සංචාරකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

මුහුදේ මෙම රළු ස්වභාවය ලබන වසරේ (2024) පෙබරවාරි අවසන් වන තෙක් පවතින අතර යම් දිනවල මුහුද පවතින සාමාන්‍ය ස්වභාවයන් මත දූපතට නැරඹීමට සංචාරකයන්ට ඉඩදිය හැකි බවත්, එම දිනය නිශ්චිතව තිරණය කල නොහැකි බවත් පරෙවි දුපත් උද්‍යාන නිලධාරීහු කියා සිටියි.

Trending

Exit mobile version