පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
ඒ අනුව අද සිට ජුලි 06 දක්වා අයදුම් පත්‍ර කැඳවීම සිදුකරන අතර එය ජූලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තබන බවයි එම නිවේදනයේ දැක්වේ.
තවද කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.