පුවත්

පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් මැතිසබයට

Published

on

පාර්ලිමේන්තු ඉතිහාසය අලුත් කරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් සිය ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පත් කිරීමට ජාතික ජන බලවේගය පියවර ගෙන තිබේ.

එලෙස පත් කෙරෙන්නේ දෘශ්‍යාබාධිත කවුන්සිලයේ සභාපති වසන්ත ද සිල්වා යි.

දස හැවිරිදි වියෙහි පසුවන විට ඔහුගේ දෑස් අන්ධ වී ඇත්තේ ඔහුගේ බලපිටිය වතුගෙදර සිරි අබේතිස්ස කනිෂ්ඨ විදුහලේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුර‍ය.

සිය දෑස් අන්ධ වීමෙන් පසු රත්මලාන අන්ධ වීදුහලට ඇතුළත් වී ඇති සුගත් වසන්ත ද සිල්වා එහිදී සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වී තිබේ.

පසුව, උසස් පෙළ විභාගය සඳහා සුගත් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට ඇතුළත් වී ඇත.

උසස් පෙළ විභාගයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ඔහු එහිදී ඉතිහාසය විශේෂවේදී විෂයයක් ලෙස හදාරමින් පළමු පන්තියේ උපාධි සාමර්ථයක් ලබා ගැනීමට සමත් විය.

Trending

Exit mobile version