පුවත්

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා ගැන තීරණයක්

Published

on

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උප‍දෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, 2022 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම හේතුවෙන් ඒ සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවය.

යම් හෙයකින් එම නාම යෝජනා මත පදනම්ව මැතිවරණය පැවැත්වුවහොත් නව ලක්ෂයකට අධික ඡන්ද දායකයින් පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොහැකි වන බවද ඔහු පෙන්වා දෙයි.

එසේම අවුරුදු 18 සම්පූර්ණ වූ තවත් පිරිසකට මැතිවරණ අපෙක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට ඇති අවස්ථාවද අහිමි වන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

මේ අතර, අධිකරණ නි‍යෝග ප්‍රකාරව පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා පොරොන්දුවක් ලබා දුන්නේය.

Trending

Exit mobile version