පළාත් පාලන සභිකයින් අඩු කිරීමේ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. දැනට සිටින පළාත් පාලන සභිකයින් සංඛ්‍යාව 8719 සිට 4000 ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පවසා සිටී. කෙසේවෙතත් එය මුල් කරගනිමින් පළාත් පාලන මැතිවරණය කල් නොදමන බවද ප්‍රකාශ කරන ඔහු දැනට ක්‍රියාත්මක පළාත් පාලන මැතිවරණ ක්‍රමයෙන් සැබෑ ජනමතය පිළිබිඹු නොකරන බවද පෙන්වාදෙයි.