ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා හෙට (28) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
මැක්රොන් ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ පැසිෆික් දූපත් වෙත සිදුකළ සිය සංචාරය නිමකර යළි ප්‍රංශය බලා යන අතරතුරදීය.
සිය සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳ ද්වීපාර්ශවීය සාකච්ඡා පවත්වනු ඇති බවත් මෙරට ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙලෙස ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉතිහාසයේ පළමු වරටයි.
හෙට දිනයේදී ජපන් විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයෂි මහතා ද 25 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් සමග මෙරටට පැමිණීමට නියමිතය.