පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය රකින්න කොන්දක් තිබුණේ රනිල්ට

Published

on

රනිල් වික්‍රමසිංහගෙන් පාලනය ගිලිහී ගියහොත් ලංකාව අනිවාර්යයෙන්ම යළි ගොඩ ගන්නට බැරි ඇෆ්ඝනිස්තානයක් බවට පත්වන බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කර සිටියේය.

මීට පෙර තෙල් ,ගෑස්, විදුලිය නැති වූයේ තාවකාලිකව බව පැවසු බන්දුල ගුණවර්ධන මහතා නැවත එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සදාකාලිකවම තෙල් ගෑස් විදුලිය නැති රටක් නිර්මාණය වනු ඇති බව සඳහන් කලේය.

මේ අවස්ථාව ගිලිහී ගියහොත් නැවත කිසි දිනක අවස්ථාවක් නොඑන බවත් බොරු කියා සුරංගනා ලෝක මවන අයට රටේ ව්‍යසනයක් ඇති කිරීමට ඉඩ දීමට නොහැකි බවත් පැවසීය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නට කොන්දක් තිබුණේ රනිල් වික්‍රමසිංහ නමැති නායකයාට පමණක් බවද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය.

Trending

Exit mobile version