පුවත්

ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම –   සජබය අනිද්දා, පොහොට්ටුවෙන් සැප්තැම්බර් පළමු සතියේදි

Published

on

සමගි ජන සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනිද්දා (29) දිනයේ නිකුත් කිරීමට නියමිතව තිබේ.

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුජීව සේනසිංහ මහතා පැවසුවේ, අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සැලසුම් සියල්ල මේ වන විට අවසන් කර ඇති බවය.

මේ අතර එක් රටක් තුළ උපරිම බලය බෙදීමේ ප්‍රතිපත්තිය සමගි ජනබලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රිකුණාමලය නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

“උතුරු නැගෙනහිර බලප්‍රදේශ සංවර්ධනය කරන, ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි අනිවාර්යයෙන්ම පවත්වලා, උතුරු නැගෙනහිර සංවර්ධනය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම එක රටක් තුළ උපරිම බලය බෙදල ජනතාව බලය බෙදීම තුළින් සවිබල ගන්වා ඒ උපරිම බලය බෙදීම එක රටක් තුළ ක්‍රියාත්මක කිරීම අපේ ප්‍රතිපත්තිය බවට පත්කරනවා. ඒ වගේම පළාත් සභාවලට ලබාදීලා තියෙන ඒ වගකීම අත්තනෝමතික ලෙස මධ්‍යම ආණ්ඩුව උදුරාගත් යුගය අපි නතර කරනවා. ඒ වගේම ජනාධිපතිවරණ ජයග්‍රහණය සමග ඉතා කෙටි කාලයකින් පළාත් සභා මැතිවරණය පවත්වා පළාත් සභා ක්‍රමය නැවත වතාවක් සවිබල ගන්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට සංවර්ධනයේ දියුණුව උදාකිරීමට කැපවෙනවා.”

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස පළමු සතිය තුළ එළිදැක්වීමට නියමිතව තිබේ.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේ අවසන් කටයුතු මේ දිනවල සිදුවන බවය.

මේ අතර සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරමින් එය ආරක්ෂා කිරීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Trending

Exit mobile version