ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහා වූ පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න පවසා තිබේ.
ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඇණහිට ඇති බව ඔහු පෙන්වාදෙයි.
එය යළි ආරම්භ කිරීම සඳහා මේවනවිට ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති අතර ඉන් අනතුරුව කඩිනමින් එය යළි ආරම්භ කරන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිනි හා කිරිදෙන මව්වරුන් එක් ලක්ෂ පනස් පසදහසකට අධික පිරිසකට රුපියල් 4,500 ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදෙනු ඇත.
මූලාශ්‍රය – නිවුස් ෆස්ට්