පුවත්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම්

Published

on

පවතින අධික වැසි තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ වනවිට පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බව  අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ කොටපොළ, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.

එමෙන්ම තලගහගොඩ ප්‍රදේශයෙන් ද නිල්වලා ගඟේ ජල මට්ටම හා ගිං ගඟේ ජල මට්ටම මේ වනවිට ඉහළයමින් පවතින අතර එය බද්දේගම හා තවලම ප්‍රදේශවලින් අධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා වර්ධනය වී ඇත.

මේ අතර අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතී.

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ද මේ වනවිට ඉහළයමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මි.මී. 100ක පමණ තද වැසි ඇති වන අතර ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද (28) උදෑසන 7.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මි.මී 101.5ක් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

Trending

Exit mobile version