කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කර තිබේ.
ඌව, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (01) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.