Connect with us

පුවත්

ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්!

Published

on

නියමිත පිරිවිතරයන් (specifications) නොමැති අක්ෂි කාච දස දහසක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීමට උත්සාහ කරමින් සිටින්නේ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) විසින් බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිකර ගැනීමට හැකි විය.

අදාළ සමාගමේ ඉල්ලීම මත මේ අක්ෂි කාච තොගය වෛද්‍ය සැපයුම් අංශයට භාරගන්නා ලෙසට බලපෑම් සිදුකරමින් සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාවන වෛද්‍ය ජී. විජේසූරිය මහතා හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාවන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා බවට මේ වනවිට චෝදනා එල්ලවෙමින් තිබේ.

මේ අතර  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාවන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.

“මේක මම එන්න කලින් තිබුණ ටෙන්ඩර් එකක්..මීට කලින් මේ ටෙන්ඩර් එක දීල තිබුණේ ඇඩ්වි ටෙක් එකටයි. එතන පොඩි ප්‍රශ්න වගයක් තිබිල සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඒක කැන්සල් කෙරුවා. ඊට පස්සේ නැවතවරක් ටෙන්ඩර් එකක් කැ‍දවලා අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කෙරුවා. එහෙම පත්කලේ තාක්ෂණික ඇගයීම් කමිටුවකුයි. ඒ තාක්ෂණික ඇගයීම් කමිටුව තීන්දුවක් ගත්ත මේ පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමට ටෙන්ඩරය දෙන්න කියලා. වෛද්‍ය සැපයුම් අංශය මේවා බාර නොගැනීමට හේතුවී ඇත්තේ ඔවුන් බඩු බාර ගැනීමේදී වර්තමානයේ එකින් එක පත්‍රිකා කියවා. ඒවා බාර ගැනීමට දිගු කාලයක් වැය කරන නිසයි. මේ කාචවල අඩුපාඩු නැති වුණත් මේ සඳහා ලබාදීමට අවශ්‍ය ලිපියක් තවමත් අදාළ සමාගම විසින් වෛද්‍ය සැපයුම් අංශයට භාරදීල නැහැ. මේ නිසයි වෛද්‍ය සැපයුම් අංශය මෙය බාර ගැනීම ප්‍රමාද කරමින් සිටින්නේ..”

එසේම, දිවයිනපුරා රෝහල්වල අක්ෂි කාච හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයම මේ වනවිට පිළිගෙන තිබේ. 

ඒ සඳහා අක්ෂි කාච දස දහසක තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබී ඇති අතර ඒවා නියමිත පිරිවිතරයන්ගෙන් නොවන නිසා ප්‍රතික්ෂේප කර ඇත.

අක්ෂි කාච තොගය ගෙන්වා ඇති පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම (P.T.C Holdings (Private) Limited) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමකි. 

මේ පිළිබඳ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් සෞඛ්‍ය ප්‍රධානීන්ට දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම තොගය ලබාගන්නා ලෙසයි.

මේ පිළිබඳව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරියගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ දිවයිනපුරා කිසිදු රෝහලක අක්ෂි කාච නොමැති බවයි. 

එමනිසා අක්ෂි කාච තොගයක් ලැබී ඇතත් ඒවා නියමිත පිරිවිතරයන්ට නොමැති බව ප්‍රකාශ කරමින් නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බවයි. 

මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අරුණ පුවත්පට පවසා තිබිණි.
අප ඔහුව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) අධ්‍යක්ෂවරුන් ලෙස ඔවුන්ගේ සමාගම් වෙබ් අඩවියේ ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර හා ජාලිය වික්‍රමසුරේන්ද්‍ර යන මහත්ම මහත්මියන්ගේ නම් ඇතුළත් කර තිබේ.

ගිහාන්, විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ පුත්‍රයාය.

මේ සම්බන්ධයෙන් අප පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) අධ්‍යක්ෂ ජාලිය වික්‍රමසුරේන්ද්‍ර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගත්තද අදාළ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට ඔහු අද (26) දහවල් 11 දක්වා ඉල්ලා සිටි අතර මෙතෙක් ඔහු ඒ සම්බන්ධයෙන් එවැනි පැහැදිළි කිරීමක් සිදු නොකළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved