පුවත්

ප්‍රමිතියක් නැති බෙහෙත් ගෙනා අරුණ යළිත් රිමාන්ඩ් 

Published

on

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන් වු Isolez Biotech Pharma සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති එළඹෙන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර සමාගම් හිමිකරු අද (15) කොළඹ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි 22,500ක් ආනයන කිරීමේ චෝදනා මත අදාළ සමාගමේ හිමිකරු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

සබැඳි පුවත් :

ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වූ අරුණ රිමාන්ඩ් (Update)


Trending

Exit mobile version