පුවත්

ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත්වෙයි

Published

on

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (08) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිඇත.

Trending

Exit mobile version