අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) පස්වරු 6.00 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සදහා මේ වන විට තැන්පත් කර තිබේ.
මෙරට රසික සිත් වශී කළ ගීත රැසක හිමිකරුවා වූ ප්‍රවීණ ගායන ශිල්පි ප්‍රියා සූරියසේන මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය .
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
මිය යන විට ඒ මහතාගේ වසය අවුරුදු 80 කි.