පුවත්

ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ගෞරවය (ඡායා)

Published

on

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති – ෆ්‍රෙඩී ගමගේ මහතා හට අද (27) දිනයේදී  නැගෙනහිර ටිමෝරයෙන් විශේෂ ගෞරව පදක්කමක් පිරිනමා තිබේ.

නැගෙනහිර ටිමෝරයේ දිලි අගනුවරදී පැවැත්වුණු රාජ්‍ය උත්සවයකදී එරට ජනපති – ජොසෙ රාමොස් හොර්තා මහතා විසින් ගමගේ මහතා ඇතුළු තවත් රටවල ක්‍රියාධරයන් කිහිපදෙනෙකුට මෙම ගෞරව පදක්කම් ප්‍රදානය කර ඇත.

ඒ නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙසයි.

2000-2002 දී නැ.ටිමෝරය ඒක්සත් ජාතීන් විසින් පාලනය කළ සංක්‍රාන්ති පාලන කාලයකට යටත්වූ අතර 2002 වර්ෂයේදී නිදහස් මැතිවරණයකින් ඉන්දුනීසියාවෙන් වෙන්වී නිදහස් රටක පාලනයක් ජනතාව විසින් තෝරාගන්නා ලදී. ‌ටිමෝරය නිදහස් කරගැනිම වෙනුවෙන් ක්‍රියාත්මක වු සහයෝගිතා කණ්ඩායම් ආසියා පැසිපික් ටිමෝර් සහයෝගිතාවයේ (Asia Pacific solidarity  Coalition (APSOC)  ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ ෆ්‍රෙඩී ගමගේ මහතා, ටිමෝරයට සහය පළ කරමින් දියත්කළ විරෝධතා සංවිධානය කරමින්  ලංකාව තුළ ‘තෙවන ලොව මිතුරෝ ‘ සංවිධානයේ කැදවුම්කරු ලෙසද සහයෝගිතා වැඩ ක්‍රියාත්මක කරන ලදී.

සබැඳි පුවත් :

මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්

Trending

Exit mobile version