Connect with us

පුවත්

පාට වෙනස් වුනු පොල්හේන දැන් හරි ලු (වීඩියෝ)

Published

on

දෙස් විදෙස් සංචාරකයින්ගේ අතර ස්නානය කිරීමට අතිජනප්‍රිය ස්ථානයක් වන මාතර පොල්හේන මුහුදු තීරයේ ඊයේ සිට කොළ පැහැයට හැරී ඇති අතර, මේ වන විට නාරා ආයතනයේ නිලධාරීන් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඇතැයි වාර්තා වේ.

ඔවුන් පවසන්නේ අසාමාන්‍ය ඇල්ගී වර්ධනයක් හේතුවෙන් මෙලෙස මුහුදු ජලයේ වර්ණය වෙනස් වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ උපුල් ලියනගේ මහතා මෙසේ පවසා තිබේ.

“මෝසම් සක්‍රීය වීමත් සමග මුහුදේ පෝෂණ මට්ටම් වෙනස් වෙනවා ඒ පෝෂණ මට්ටම් වෙනස්වීමත් සමග මේ වගේ ඇල්ගී ගහණයන්ගේ අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඊයේ දිනයේ මෙම මුහුදු තීරය භාවිත කිරීම වළක්වලා තිබුණා. අද වෙනකොට මේ තත්ත්වය බැහැර ගිහිල්ලා තියෙන්නේ. අපිට ජනතාවට කියන්න තියෙන්නේ මුහුදු ජලය භාවිත කිරීම අද දිනයේ ගැටලුවක් නෑ සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. අපි මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන මේ සඳහා හේතු කාරණා නිශ්චිත වශයෙන් ම කියන්න බලාපොරොත්තු වෙනවා.”

(ඡායාරූපය : අද / වීඩියෝ : අදදෙරණ)

පුවත්

රමිත් රඹුක්වැල්ලට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Published

on

By



හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතාට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබුණේ රමිත් රඹුක්වැල්ල මහතා විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

Continue Reading

පුවත්

රජයේ සියලු පාසල් හෙට නිවාඩු

Published

on

By

ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට හෙට (20) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඒ අනුව පාසල් යළි ලබන 23 වනදා ආරම්භ කෙරෙන බවය.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතුය.

Continue Reading

පුවත්

කුරුණෑගලත් වෙඩි තැබීමක්

Published

on

By

කුරුණෑගල – රස්නායකපුර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන වෙඩික්කරුවෙක් විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

මෙය පසුගිය පැය 24 තුළ සිදුකළ සිව්වන වෙඩි තැබීම වේ.

අනෙක් වෙඩි තැබීම් වාර්තා වූයේ කොහුවල, තංගල්ල සහ මිදිගම ප්‍රදේශ වලින් වන අතර, ඉන් තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved