2023 දෙසැම්බර් 12 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පාර්ලිමේන්තු සංසද දෙකක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
ඒ අනුව මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 09 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පරිදි “ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක්” (Caucus of Medical Parliamentarians Sri Lanka) ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිවී ඇත.
තවද, ඉරාන් වික්‍රමරත්න මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 21 දෙනෙකු විසින් කරන ලද ඉල්ලීම පරිදි “ශ්‍රී ලංකා දේශගුණ පාර්ලිමේන්තු සංසදයක්” (Climate Parliament of Sri Lanka) ස්ථාපිත කිරීමටද අනුමතිය හිමිව තිබේ.