පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතය.
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), ජාතික ජලශාස්ත්රීය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතය.