පාර්ලිමේන්තුව ජූලි පළමුවැනිදා සෙනසුරාදා රැස්වන ලෙසට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් හෙට (27) පස්වරු 5ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබේ. එම සාකච්ඡාවෙන් පසුව විශේෂ කැබිනට් හමුවක් ද පැවැත්වීමට නියමිතය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා සති අන්තයේදී පාර්ලිමේන්තුවේ විවාද කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන සහ ජනතා සහය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යෝජිත ණය ප්‍රතිව්‍යුහගතරණ සැලැස්ම අවසන් වශයෙන් සකස් වන තුරු වගකීමෙන් කටයුතු කරන ලෙසද වාණිජ මණ්ඩලය සියලුම දේශපාලන සහ සෙසු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.