Connect with us

පුවත්

පාර්ලිමේන්තුව බලන්න එන දරුවන්ට කිරි වීදුරුවක්

Published

on

දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසැල් දරු දැරියන්ට කිරිවීදුරුවක් නොමිලේ ලබා දීමට ඊයේ (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමතිය හිමිවී ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව දිනකට දරු දැරියන් 500 ක උපරිමයකට යටත්ව ලබන වසරේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා මෙම අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර, පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවීමට නියමිත ස්ථාවර කාරක සභා ත්‍රිත්වය ස්ථාපිත කිරීමට අදාළව තවදුරටත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා මන්ත්‍රීවරු හතරදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පවසයි.

මෙලෙස අලුතින් ස්ථාපිත කිරීමට නියමිතව ඇත්තේ බැංකුකරණය හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව නමැති කාරක සභා ත්‍රිත්වයයි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය ලි සබ්‍රි හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එම්.ඒ සුමන්තිරන් සහ සාගර කාරියවසම් යන මහත්වරු මෙම විශේෂ කමිටුව සදහා පත් කළ බවද මහලේකම්වරයා පැවසීය.

දැනට පවතින ස්ථාවර කාරක සභා වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබද කාරක සභාව යන කමිටුවල කාර්යයන්ම මෙම නව ස්ථාවර කාරක සභාවල විෂය පථයට පැවරී ඇත්ද යන්න විශ්ලේශනය කොට සංශෝධන අවශ්‍යනම් ඒසදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව මගින් සිදුවනු ඇත.

මේ අනුව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වී මෙම නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීමට ද මෙහිදී එකගත්වය පළ වී ඇත.

තවද, 2023 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ විවාදය සදහා කාලය වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂය කළ ඉල්ලීමකට අනුව කාරක සභා අවස්ථා විවාදය පැය එක හමාරකින් දීර්ඝ කිරීමට මෙහිදී තීරණයවී ඇත. ඒ අනුව අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන නොවැම්බර් 23 සිට දෙසැම්බර් 7 දක්වා කාලය තුළ ප.ව 7.00 දක්වා විවාදය පැවැත්වෙනු ඇති අතර පෙර තීරණය කළ පරිදි දෙසැම්බර් 8 වැනිදා ප.ව 5.00 ට තෙවනවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved