පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ජීවිතේ රැකගන්න පිස්තෝලයට අමතරව රිපීටර් අවියකුත් දෙයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස් දෙනාගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැනට තිබෙන පිස්තෝලයට අමතරව අලුතින් තවත් රිපීටර් අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙසිය විසිපස්දෙනාහට රිපීටර් ගිනි අවි ලබාදීමට හැකි බව පාර්ලිමේන්තු මහලේකම් වෙත ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

මේ අනුව ඊයේ (13) වන විට මන්ත්‍රිවරුන් පස්දෙනකු පමණ රිපීටර් ගිනි අවි ලබාගැනීම සඳහා අයදුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පුද්ගලික ආරක්ෂාවට නිකුත් කර ඇති චීනයේ නිෂ්පාදිත පිස්තෝල පැරණි ඒවා බවත්, ඇතැම් පිස්තෝල ක්‍රියාත්මක නොවන බවට පැමිණිලි ද ඇතැයි මේ අතර වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් මන්ත්‍රිවරුන්ට තම ජීවිත හා දේපළ රැකගැනීමට අලුතින් රිපීටර් අවි ගෙන්වා ඇති බවත්, ඒ සඳහා මුදල් ගෙවා බලපත්‍ර ගාස්තුවක් යටතේ ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇති බව පැවසේ.

Trending

Exit mobile version